වර්තමානයේ ශ්‍රී ලංකාවේ බයිසිකල් ටයර් සහ ටියුබ්, යතුරුපැදි ටයර් සහ ටියුබ් සහ ත්‍රිරෝද රථ ටයර් සහ ටියුබ් සඳහා වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස DSI ටයර්, සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් හි ප්‍රමුඛතම සන්නාමය වන අතර එය 1983 දී DSI සැම්සන් සමූහයේ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ විය.
ලොව සුප්‍රසිද්ධ සිල්ලර වෙළෙද ජාල වන ඩෙකාත්ලෝන්, ටෙස්කෝ සහ හැල්ෆෝර්ඩ්ස් වෙත නිශ්පාදන සපයමින් DSI වෙළඳ නාමය මහාද්වීප හයක රටවල් 70 කට අධික ප්‍රමාණයකට අපනයනය කෙරේ. මේ වසරේ Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කළ සන්නාම 125 අතරට ලැයිස්තුගත කර ඇති DSI ටයර් සන්නාමයට දේශීය හා අපනයන සම්මාන රාශියක් පිරිනමා ඇත. වසර ගණනාවක් පුරා ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන රාශියක් ද 2006 සිට 2009 දක්වා අඛණ්ඩව ජනාධිපති අපනයන සම්මානය ද දිනා ගෙන තිබේ.